Tuesday, April 9, 2013

මේක උසාවියේදී සිදු වූ සැබෑ සිදුවීමක් ..



මහ මග රැඳී සිටි සිය අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ අයෙක් පොලිසියෙන් අල්ලා උසාවියට ඉදිරිපත් කර දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා .. දින 14 ගෙවුණු පසු නැවත මොහු අධිකරණය ඉදිරියට පමුණුවන ලද අවස්ථාවේ ඔහු මුදා හැරීමට හැකි බව, පොලිසියෙන් දැනුම් දුන්නා ..

ගරු විනිසුරුතුමා තෝල්ක මුදලි ලවා එම තැනැත්තාගේ පදිංචිය කොහේ දැයි විමසා, නිවසට යෑමට කොපමණ මුදලක් අවශ්‍ය දැයි විමසා සිටියා.. 

"කාලක් ගහලා බස් එකෙන් යන්න 500ක් වත් ඕනි සර්" මිනිහා කියපි...

උසාවිය නිසා අපි හිනාව තද කර ගත්තත්, "එහෙනම් ඔය නීතිඥ මහත්තයෙක් ගෙන් ඉල්ලන් යන්න" යයි හිනාව මැදින් විනිසුරුතුමා කිවා

No comments:

Post a Comment