Wednesday, April 10, 2013

අරාබි නීතිය



ආරබියට පැමිනි ඉන්දියන් කාරයෙක් හා අරාබි කාරයෙක් අතර රන්ඩුවක් ඇතිවිය,ටික වෙලාවක් යනවිට රන්ඩුවන දෙන්නා වටේ සෙනග රැස්විය ,මේ අතර අරාබි කාරයා ඉන්දියන් කාරයාගෙන් හොඳටම ගුටිකන්නේය ,මෙය බලා සිටි සෙනග අතර සිටි අරාබි කාරයෙක් ගලක් ගෙන ඉන්දියන් කාරයාට දමා ගැසීය ,තමා වෙතර ගලක් එනබව දුටු ඉන්දියන් කාරයා හිසනමා පහත් වී ගලෙන් බෙරුනේය ගල ඉහලින්ම ඇදීගොස් රන්ඩුව නරඹමින් සිටි අරාබි කාරයෙග්ගෙ හිසේ වැදී බරපතල ලෙස තුවාල විය.නඬුව අරාබි උසාවියට කැඳවීය
ගල ගැසූ තනැත්තා.."ස්වාමීනී මම ගල දමා ගැසුවේ ඉන්දියන් කාරයාටයි,මගේ කිසිම අදහසක් තිබුනෙ නෑ මේ නසීර්ට පහරදෙන්න[නසීර් යනු ගල් පහර කෑ අරාබි කාරයාය}

නඩු කාරයා,,''එසේනම් මේ නසීර්ට ගල වැදුනේ කෙසේද

ගල ගැසු තැනැත්තා,.''මම ගල දමා ගසනවිට මේ ඉන්දියන් කාරයා පහත් උනා ඒ නිසා ඔහුගේ නොවැදී ,ගල නසීර්ගෙ වැදුන ස්වාමීනී

නඬු කාරයා ඉන්දියන් කාරයා වෙත ,,''තමා පිලිගන්නවාද තමාට දමා ගැසූගල තමා පහත් වී මඟ හැරපු නිසා නසීර්ගෙ වැදුනු බව ''

ඉන්දියන්කාරයා ,,''ගල මගේ වදින නිසා එයින් බේරීමටයි මම පහත් උනේ ස්වාමීනී.

නඩු කාරයා ,.''නුඹ පහත්වී ගල මඟහැරපු නිසයි එය කෙලින්ම ගොස් නසීර්ගෙ වැදුනේ ඒ නිසා නුඹයි එයට වැරදි කරු ඒ නිසා මම නුඹට කසපහර 100ක් ගැසීමට නියම කරමි''

No comments:

Post a Comment