ටොයිලට් පේපර්_
ඔන්න ඇම්ඩා චාටර් කකා ගෙදරට වෙලා ඉන්න කාලෙලු. ගෙදරත් පිස්සුම කෙලින නිසා
මූව ලග සිල්ලර බඩු කඩේකට වැඩට දැම්මලු. ඔන්න මුදලාලිත් දැන් ඇම්ඩට කඩේ වැඩ
උගන්න උගන්න ඉද්දි ඒ කඩේට මනුස්සයෙක් ආවලු. මුදලාලිත් ඇම්ඩගෙ වැඩ බලන්නත්
එක්ක කස්ටමර් හැන්ඩ්ල් කරන්න කිව්වලු.
"මහත්තයා මොනාද බැලුවේ?"
"මැලිබන් ගෝල්ඩ් මාරි තියෙනවද?"
"ඒවා ඉවරයි මහත්තයා.."
මූණ ඇඹුල් කරගෙන ඒ මනුස්සයා යන්න ගියාලූ. මල පැන්න මුදලාලි..
"මොනවද බූරුවෝ ඒ කලේ. මැලිබන් නැත්තං මංචී හරි විකුණනන්න බලනවා. ඔහොම
පුළුවන්ද බිස්නස් කරන්න. බත් කන හරකා.." කියලා බැන්නලු.. ඊට ටික වෙලාවකට
පස්සෙ ලස්සන නෝනා කෙනෙක් ආවලු. ඇම්ඩට කිවුවොත් මේ බිස්නස් එකත් කෙලවෙනවා
කියලා දැනගත්ත මුදලාලි..
"මොනවද නෝනා ඔනේ..?"
"මේ.. ටොයිලට් පේපර්ස් තියෙනවද?"
"අනේ ටොයිලට් පේපර්ස් නම් ඉවරයිනෙ නෝනා.." මුදලාලිට කියන්න ලැබුනේ එපමණකි. පැනපු ගමන් ඇම්ඩා..
"වැලි කඩදාසි තියෙනවා.. දෙන්නද..?"
No comments:
Post a Comment