Tuesday, April 9, 2013

අපේ ගෙවල් පැත්තෙ ඉන්නව හැමුදුරුකෙනෙක්. හාමුදුරු කෙනෙක් කිව්වට ඉතින් සිවුර පොරවන එක විතරයි. මිනිහගෙ නම නානසාර. ඉතින් දැන් දවසක් අපේ නැන්ද කෙනෙක් ගෙදර පිරිතක් කියවන්න ලෑස්ති කලා. ගමේ පන්සලේ හාමුදුරුවන්ට තමයි ඉතින් කියන්න ආරාධනා කලේ. දැන් ඉතින් කට්ටිය ඇවිල්ල පිරිත කියාගෙන යනව. පලවෙනි කොටස ඉවර වෙලා දැන් අර හාමුදුරුවරු දෙන්න දෙන්න කියන තැනට ඇවිල්ල. අපේ උපාසක මහත්තුරුත් දන්නෙ නැද්ද නිදිමතයි කම්මැලි කමයි ඇඟේ අමාරුව නැතිවෙලා හොඳට පිරිත අහන්නත් එක්කල පොඩ්ඩ පොඩ්ඩ එළියට ගිහිල්ල එන්න ගත්ත.
අපේ නානසාරත් දැක්ක මේක ඉතින් ඒ වුනාට මොකුත් කියන්න ගියේ නැහැ. හැබැයි මිනිහ එහාට ඇඹරෙනව පොඩ්ඩක් කහිනව අමාරුවෙන් වගේ ඉන්නගතියක් පේන්න තිබ්බෙ. අපේ මාමත් හිතුව දැන් රෑවෙලානෙ නිදිමත හන්ද වෙන්න ඇති කියල. ගිහිල්ල ඇහුව.

“හැමුදුරුවනේ උණුවතුර එකක්”
හාමුදුරුවො පිරිත්කියන ගමන් හෙමිහිට කිව්ව
“වතුර එපා”
ඒත් මාමට හිතට අප්සෙට් ආපහු ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල ඇහුව

“හාමුදුරුවනේ කෝපි එකක්?”
හාමුදුරුවොත් ඉස්සෙල්ල වගේ හැබැයි පොඩ්ඩක් සැරෙන් කිව්ව
“කෝපි එපා”

මාම ආපහු ගිහිල්ල වාඩි වුනා හැබැයි තාම හිතට අප්සෙට් ආපහු ටිකකින් හාමුදුරුවො ගාවට ගිහිල්ල ඇහුව

“හාමුදුරුවනේ එහෙම නම් තේ වතුර එකක්?”
“තේ වතුර එපා”

ඒපාර නම් හාමුදුරුවො ටිකක් තදින් කිව්ව
මාම ඇවිල්ල ඉඳගත්ත.
හැබැයි නානසාරට සෑහෙන්න අමාරුයි වගේ ඒපාර කැස්සක් වගේ එකකුත් හැදිල උගුරත් විඩිංවිඩේ පාදනව. මාම ඉතින් බැරිම තැන ආපහු සැරයක් හාමුදුරුවො ගාවට ගියා.

“හාමුදුරුවනේ මේක අහන්නෙ කොහොමද මන්ද? හාමුදුරුවනේ සෝඩත් එක්ක අරක්කු ටිකක්?”

හාමුදුරුවො එකසැරේටම බොරු කැස්සකුත් එක්ක
“අහ්. අහ්. සෝඩ එපා” කියල කිව්වලු

No comments:

Post a Comment