Wednesday, April 10, 2013

දිනක් බාබර් සාප්පුවකට ගොඩ වැදුනු තරුණයෙක් බාබර් අමතා"මගෙ කොණ්ඩෙ කපාගන්න තව කොච්චර ඉන්න වෙයිද?" කියා ඇසුවේය.. පැය දෙකක් විතර... පිළිතුරු ලැබුනු සැනින් තරුණයා යන්න ගියා.

දින කීපයකට පසුව පැමිණි අර තරුණයා සුපුරුදු ප්‍රශ්ණය නැවත ඉදිරිපත් කලා.. එදිනත් බාබර්ගෙන් පැය දෙකේ කලින් පිලිතුරම ලැබුන. එසැනින්න තරුණයා එතනින් පිටත් වී ගියා

සතියකට පසුව නැවත පැමිණි තරුණයා "මගෙ කොණ්ඩෙ කපාගන්න තව කොච්චර ඉන්න වෙයිද?" කියා යලි ඇසුවේය.. කලින් දෙවතාවෙම වැඩි වෙලාවක් කී නිසා මෙදා පාර බාබර් උත්තර දෙනව පැය එකහමාරක් විතර කියල... පිළිතුරු ලැබුනු සැනින් ඉක්මනින් දිව යන තරුණයා පිටුපස තම ගෝලයා යැවූ බාබර් කියන.. බලනව අයිසෙ අරූ කොහෙට මේ දුවන්නෙ කියල..

තරුණයා පසුපස දිවගොස් හතිදාගෙන පැමිණි ගෝලය කියපි... මිනිහ ගියේ බාබර් මහත්තයාගෙ ගෙදර පැත්තට.........

No comments:

Post a Comment