Wednesday, April 10, 2013

මම ට්‍රයි කරන්නම් 18+


බුවෙක් බාර් එකට ආවලු තමන්ගෙ සුරතල් සතා එක්ක. මේ සතා තරමක් වැඩුන කිඹුල් පැටියෙක්. බාර් එකේ ඉන්න එවුන් පුදුම වෙලා බලන් ඉන්නවලු. ඒ අස්සෙ මේ බුවා කියනවලු කට්ටියට "අපි ඔට්‍ටුවක් අල්ලමු. මම මේ කිඹුලගේ කට ඇරල මගේ සෙට් එක උගේ කට ඇතුලට දාල උගේ කට වහනවා. ඊට විනාඩියකට පස්සෙ මම උගේ කට ඇරල සෙට් එක එලියට ගන්නවා. මගේ සෙට් එකට සීරීමක් වත් වෙන්නෙ නෑ. ඒක එහෙම උනොත් ඒ වගේ පුදුමයක් දකින්න ලැබුන එකට උඹල හැමෝම මට ‍ෆ්‍රී ඩ්‍රින්ක් එක ගානෙ අරන් දෙන්න ඕනෙ".

මෙහෙම දෙයක් ලේසියෙන් දකින්න හම්බ වෙන්නෙ නැති නිසා බාර් එකේ ඉන්න හැම කෙනෙක්ම මේ ඔට්‍ටුවට කැමතිවෙලා. බුවා කලිසම ගලවලා කිඹුලගෙ කට ඇරල සෙට් එක කිඹුලගෙ කට ඇතුලට දැම්මලු. කිඹුලත් කට වහ ගත්තලු. දැන් මිනිස්සු පුදුමෙන් බලන් ඉන්නවලු. බුවා විනාඩියක් ගිය ගමන් බියර් බෝතලයක් අරගෙන කිඹුලගෙ ඔලුවට හය්යෙන් පාරක් ගැහුවලු. එතකොටම කිඹුල කට ඇරියම බුවා සෙට් එක එලියට ගත්තලු.

කිවුව විදියටම සෙට් එකට සීරීම් තුවාලයක්වත් නැහැලු. ඉතිං කට්ටියම දැන් මේ බුවාට පොරොන්දු වෙච්ච විදියටම ‍ෆ්‍රී ඩ්‍රින්ක්ස් අරන් දෙනවලු. දෙක තුනක් දාගෙන බුවා නැගිටලා කිවුවලු "මේ වැඩේ කරන්න පුලුවන් වෙන කෙනෙක් ඉන්නව නම් කරල පෙන්නන්න. මම එයාට රුපියල් 10000 ක් දෙනව" කියල. බාර් එකේ උන් එක එකාගෙ මූන බලාගත්තට එකෙක්වත් ලෑස්ති නැහැලු මේ චැලෙන්ජ් එකට.

ඔය අස්සෙ බාර් එක කොනක බියර් එකක් බිබී හිටිය කෙල්ලක් නැගිට්ටලු.

කෙල්ල : මම ට්‍රයි කරන්නම්. හැබැයි ඔන්න බියර් බෝතලේකින් ඔලුවට ගහන්න නම් ඔට්‍ටු නෑ

No comments:

Post a Comment