Tuesday, April 9, 2013

වැසි සහිත දිනක රාත්‍රී 12 පමණ බිරිඳ සහ සැමියා චිත්‍රපටිය නරඹමින් ඉන්නා අතර දොරට තට්‍ටු කරන හඬක් ඇසී,

සැමියා : කව්ද මේ වෙලාවෙ

බිරිඳ : බලන්නකො

දොරහැර බලන විට තෙමුණු මනුස්සයෙක්

මිනිසා : මහත්තයා මේ මම ගෙදර යන ගමන් , රෑ කරදර කළාට සමාවෙන්න ඕන පොඩි තල්ලුවක් දාන්න පුළුවන්ද ?

සැමියා ; මේ වැස්සෙ කොහොමද අයිසෙ ,
බිරිඳ : අනේ යන්න සිරී එදා රෑ අපෙත් වාහනේ කැඩිල වැස්සෙ මනුස්සයෙක් අපිටත් උදව් කළානෙ .
සැමියා : ආ පොඩ්ඩක් ඉන්නවා..

යැයි කියමින් බිරින්ද ගෙනත් දුන් කුඩයද ‍රැගෙන වැස්සේම එලියට බැස්සත් , අර මිනිහා පෙනෙන්නට නොසිටියේය...

"කෝ මේ යකා , මේ අයිසේ......"

මිනිසා : ආ.......... මහත්තයා මේ .. මෙහෙ මෙහෙ මේ .... ඔන්චිල්ලාවෙ....

සැමියා : උඹෙ අම්මට .%%$@*&^$$$#@%^!#^^!

No comments:

Post a Comment