Tuesday, April 9, 2013

මම දවසක් නැවෙන් බැහැපු ගමන් චිත්‍රපටියක් බලන්න ගියා. මාස දෙකක් පමණ නැවට වෙලා පැද්දී පැද්දී හිටි නිසා සිනමා හලේ පුටුවේ වාඩිවෙලා ඉන්නකොටත් මාව පැද්දෙන එක වලක්වා ගන්න මට බැරුව ගියා. ඒක මට පිටිපස්සේ අසුනේ සිය බිරිඳ ද සමඟින් හිටිය මහත්මයාට මහත් කරදරයක් වුනා. ඔහු මට මදක් තරහින් මෙහෙම කිව්වා. "මේ මිස්ටර්, එහාට මෙහාට පැද්දෙන්නේ නැතුව ඉන්නකෝ, ඔයා ඔහොම වෙනකොට මට ෆිල්ම් එක පෙනෙන්නේ නැහැ" යනුවෙන්. මම කරුණාබර ස්වරයෙන් කිව්වා "සමාවෙන්න, මම මාස දෙකක් නැවක ඉඳලා ආවේ..ඒ නිසා මේ පැද්දීම නවත්වා ගන්න අමාරුයි" කියලා. 
එතකොට ඒ මිනිහා 
"අයිසේ මම කසාද බැඳලා අවුරුදු 5 යි, එහෙනම් ඉතින් මාත් මෙහෙම මෙහෙම වෙන්න එපායැ"සිය සිරුර කොන්ද හරියෙන් ඉස්සරහට පස්සට වනමින් කීවේය.

No comments:

Post a Comment