Tuesday, April 9, 2013

ඔන්න රෑ වේගෙන එන වෙලාවක අංකල් කෙනෙක් පුස් බයික්කෙ යනකොට මෝටර් බයික්කයක් පෙරලිල, ආපු එකා පාර මැද උඩුබැලිඅතට වැටිල ඉන්නව දැකපු අංකල් ලඟට ගිහින් බලද්දි මුගෙ මූන පොලොව පැත්තට හැරිලලු. අංකල් ඉතින් අමාරුවෙන් බෙල්ල උඩු පැත්තට හරවල ඉස්පිතාලෙ අරන් ගියත්, පොර මැරිලලු. ඩොකා කිව්වලු මෙ පුග්ගලයගෙ බෙල්ල කැඩිල මැරිල තියෙන්නෙ කියල. එත්කොට අර අංකල් කිව්වලු, " මට දැක්කගමන් ඕක තෙරුන මහත්තයො, මූන අනික්පැත්ත හැරිල තිබ්බෙ. මම බෝම අමාරුවෙන් උඩපැත්තට හරවල ගත්තෙ" කියල. එතකොට ඩොකාගෙ ඇස්වලින් ඩොලර්මාක් පැනල කට :o කරගෙන ආයෙත් අර මෝටර් බයික්කෙන් වැටුනු මිනිහ ලගට ගිහින් බලද්දි, ඌ ජැකට් එකේ ෂිපර් එක පිටිපස්සට හිටින්න ඇඳන්ලු බයික්කෙ පැදල තියෙන්නෙ. :D

No comments:

Post a Comment