Tuesday, April 9, 2013

ඔන්න ආර්මි කොල්ලෙක්ගෙ නෝනට බබා ලැබෙන්න ළඟයිලු,කොල්ල අන්තිමට ගෙදර ආපු වෙලාවේ නෝනාට මෙහෙම කිව්වලු.

සැමියා: බබා ඔයාට පුතෙක් ලැබුණොත් මට පණිවුඩේ එවන්න බයිසිකලයක් ලැබුණ කියලා.

නෝනා: මොකක් ?ඒ මොකද ඒ?

සැමියා: දරුවෙක් ලැබුණ කියලා කෑම්ප් එකේ උං දැනගත්තොත් පාර්ටි දෙන්න වෙනවනෙ බබා ඒකයි.

කොහොම හරි ලැබුණෙ දුවෙක්ලු,දැන් ඉතින් නෝනා කල්ප්නා කරලා කරලා,මහත්තයගෙ කෑම්ප් එකට මෙහෙම පණිවුඩේ යැව්වලු

"බබා ,බයිසිකලේ නම් ලැබුණ,හැබැයි පොම්පෙ නෑ'

No comments:

Post a Comment