Tuesday, April 9, 2013

සත්තකටම මේක මට සිද්ධ වෙච්ච සිදුවීමක්. මගේ යාළුවෙක් එයාට අපි නිමල්(අන්වර්ථ නාමයක්) කියමු එයා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරනවා එයාගේ පෙම්වතියගේ විවාහ උත්සවයට මෙයාටත් අමුත්තෙක් හැටියට ආරාධනා ලැබුණා. අපේ කතානායකයා එදා හොදටම බිව්වා බීලා තමන්ට ගානක් නෑ කියලා පෙන්වන්න සෑහෙන දැගළුවා. මගුල්ගෙදර තිබ්බේ මාතලේ අපේ යාළුවා කැකැරාවට කිට්ටු මඩාටුගම (යාළුවා ගලේවෙල) කන්තෝරුවේ තමයි නැවතිලා උන්නේ ඉතින් වෙඩින් එක ඉවරවෙලා එද්දි මෙයා ආවේ කන්තෝරුවේම එකෙක්ගේ බයිසිකලයේ පිටිපස්සේ එනගමන් මෙයාට කිසි අවුලක් නෑ කියලා පෙන්වන්න සෑහෙන දේවලා කරනවළු. ඔන්න සිදුවීම උනේ ලොකු පල්ලමක අයිනේ කනත්තක් ගාවින් එද්දි, අපේ බයිසිකලය පදින එකා හොල්මන් අවතාරවලට බයයි ඒ නිසා ඒ හරියේ ටිකක් හයියෙන් ඇවිත් තියෙන්නේ එද්දි පිටිපස්සේ ඉදන් අපේ කතානායකයා කටහඩ වෙනස්කරලා ඇහුවළු ඇත්තටම මේ පිටිපස්සේ ඉදන් ඉන්නේ නිමල් කියලද ඔයා හිතන් ඉන්නේ කියලා.. අයියෝ සල්ලි අපේ බයිසිකලය පැදපු එපා යන වේගෙන්ම බයිසිකලයෙන් ඉවතට පැණලා. රයිඩර් පැන්නම පස්සේ එකාට මොනවා වෙන්නද? පහුවදා දෙන්නම රෝහලේ නමුත් අපේ කතානායකයට පෙම්වතිය විතරක් නෙවෙයි එක කණකුත් අහිමි වුණාළු. මේක මුළු දඹුල්ල කැකිරාවම දන්න සිද්ධියක් අදටත් මෙයාගේ කන නෑ නමුත් පාරේ යද්දි ඇත්තටම මේ පිටිපස්සේ ඉන්නේ නිමල්ද ඇහුවොත් අහපු එකාට සිද්ධ වෙනවා තමන්ගේ කණ බේරාගන්න දුවන්න..

No comments:

Post a Comment