Wednesday, April 10, 2013

 ඔන්න අපේ කෙල්ලො තුන් දෙනෙක් යනවලු අප්‍රිකාවේ ටුවර් එකකට. දැන් සල්ලි තියෙන අය සෆාරී යන්නෙ එහේනේ. යාල යන්නෙ නෑ. තුන් දෙනා හොඳ යාළුවෝලු. එක්කෙනෙක් දෙමළ, එක්කෙනෙක් බර්ගර්, අනික් කෙනා ඔරිජිනල් සිංහල, බොදු, ගොවි, උගත්, වැදගත්, වංශවත්, නෑදෑයින් පිටරට සිටින, කෑල්ලක්. දැන් අප්‍රිකාවේ කැලෑවක් උඩින් යන ගමන්. පයිලට් එනවුන්ස්මන්ට් එකක් දුන්නළු, 

"කියන්න කනගාටුයි...., තව ටික වෙලාවකින් ප්ලේන් එක කඩාගෙන වැටෙන්නයි යන්නෙ.." කියලා.

දෙමළ කෙල්ලො මීටරනේ... ඒකි ටක් ගාලා, බෑග් එකේ තිබුන දඹ රත්තරන් තැලි පිලි, මාල වළුලු, මුදු කරාබූ, ඔක්කෝම දඩි බිඩි ගාලා පැලඳගත්තලු, අනිත් දෙන්නම ඇහුවලු 

"ඇයි අනේ.... ඔයා ඔහොම කළේ....? " කියලා.

එතකොට අරයා කියනවලු "ඔය අප්‍රිකාවේ උන් හරි ආසයි රත්තරන් වලට... ඉතින් උන් මම රතරන් පෙරවගෙන ඉන්නවා දැක්ක ගමන්, මාව තමයි ඉස්සෙල්ලම බේර ගන්නෙ" කියලා.

ඒක ඇහුවා විතරලු බර්ගර් කෙල්ල, "ටී' එකයි "බ්‍රා" එකයි දේකම ගලවලා දාලා.. ටොප්ලස් උනාලු ප්ලේන් එකේම උන් ෆුල් හොල්මන්ලු අනික් උන් දෙන්නා ඇහුවලු 

"ඊයා අනේ.... මොකක්ද ඔයා මේ කලේ...? කියලා.

එතකොට අරයා කියනවලු.. "ඔය ඇෆ්‍රිකන් උන් නම්බර් වන් බඩු කාරයෝ, සුද්දියන්ට මාර කැමතියි, මාව දැකපු ගමන්, ඔක්කෝම ඉඳිද්දි, මාව තමයි බේර ගන්නේ...." කියලා.

මේක අහපු ටට්ට කළු අපේ කෙල්ල කරපු වැඩේ, ගවුම අස්සට අත දාලා, ඇඳගෙන හිටපු තැඹිලි පාට පෑන්ටිය ගලවලා විසි කලාලු. අනික් උන් දෙන්නා ඇහුවලු 

"මොකක්ද අනේ..... ඔයා කල තේරුමක් නැති වැඩේ.....?" කියලා.

ඒකී කියනවලු... "ඔයාලා මොනවද අනේ දන්නේ....? ප්ලේන් එකක් කඩාගෙන වැටුන ගමන්..... ඔය හැමෝටම ඉස්සෙල්ලා හොයන්නෙ "කළු පෙට්ටිය" අනේ...."

No comments:

Post a Comment