Tuesday, April 9, 2013

ගමනක් ගිය අතර තුර හදිසි චූ බරක් හැදුණු නිසා අසල තිබූ තේ කඩයකට ගොඩ වුණු මම..

මුදලාලි චූ කරන්න තැනක් තියේ ද? කියා ඇසුවෙමි.. එවිට මුදලාලි පිළිතුරු ලෙස..

මටනම් තියෙනවා.. ඇයි මහත්තයට නැද්ද? කියා විශ්මයෙන් මෙන් මා දෙස බැලුවේය.

කාරණාව පැහැදිලි කිරීමෙන් පසුව මට අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි වූ අතර.. තේ එකක් බීලම යන්ට ඕනා යැයි සිතුණු නිසා..

මුදලාලි තේ එකක් බොමුද? කියා ඇසුවෙමි..
මට නම් බෑ.. මහත්තයට ඕන නම් එකක් හදලා දෙන්නම් යැයි කිවූ මුදලාලි තේකක් හදන්නට ඇතුළට ගියේය..
මුදලාලි තේක ගෙනෙනකම් අසල තිබූ ෂෝකේස් එකෙන් වඩයක් ගෙන හපන්නට වීමි. එහෙත් මුදලාලි ප්‍රමාද නිසා තවත් එකක් ගන්නා අතරතුර මුදලාලි තේකත් රැගෙන පැමිණියේය..

ඉන්පසු තේකත් බී වඩේ එකත් කෑ මම.. මුදලාලි එහෙනම් ගාන බලන්ටකෝ..

වඩේ එකයි.. තේකයි.. කියත්ම..
මහත්තයා වඩේ එකයිද ගත්තේ කියා ඇසුවේය.. වඩේ දෙකක් කෑ බව අමතක වීම නිසා මට වූයේ පට්ට ලැජ්ජාවකි. එයින් ගැලවෙන්නට සිතූ මම මෙසේ කීවෙමි..

හරි.. හරි.. මුදලාලි පොඩ්ඩක් ඉන්ටකෝ..
වඩේ එකයි.. තේකයි.. වඩේ එකයි..

No comments:

Post a Comment