Tuesday, April 9, 2013

රථවාහන පොලිසියේ මහත්තුරු දෙදෙනෙක් පාරක් අයිනෙ සිටියෝය,එකෙක් නිළයෙන් ඉහළය අනෙකා පහළය,මේ අතර විදේශිකයෙක් ඔවුන් ලඟට පැමිණියේය,පැමිණි විදෙශිකයා ඔවුන්ගෙන් යමක් ඇසුවේය,තමා කතා කල භාශාව ඔවුන්ට නොතෙරුන බව දැන ගත් විදේශිකයා ,තවත් භාශාවකින් කතාකලේය,එයද පොලිස් මහත්තුරුන්ට තේරුනේ නැත,මේ අකාරයට විදේශිකයා භාශා 7කින් කතා කලත් ඒ එක භාශාවක්වත් ඔවුන්ට තේරුනෙ නැත,විදෙශිකයා බැරිම තැන යන්න ගියේය,

විදෙශිකයා ගිය පසු පහළ පොලිස් නිළදාරියා ඉහළ නිළදාරියා දෙස බලා..
"අපරාදෙ සර් අපි තව එක භාශාවක් වත් දැනගෙන හිටියනම් කොච්චර හොඳද" ,
ඉහළ නිළදාරියා[පහළ.. අමතා].."ඇයි අයිසෙ එහෙම කියන්නෙ" 
පහළ නිළදාරියා..."එහෙම උනා නම් අර මනුස්සයට අපට උත්තර දෙන්න තිබුනනෙ සර්"

එවිට ඉහළ නිලදාරියා..."වැඩක් නැ අයිසෙ,, දැන් බලනවා ඒ හාදයා භාශා 7 දැනගෙන හිටියත් කිසි වැඩක් උනාද,මිනිහට උවමනා දේ දැනගන්න පුලුවන් උනාද ,නෑ නේද,එහෙව් එකේ තමුසෙයි මායි තව එක භාශාවක් දැන ගත්ත කියල ඇති වැඩේ මොකක්ද අයිසෙ" කිව්වලු

No comments:

Post a Comment