Tuesday, May 28, 2013

ඔන්න ජේ.ආර්. මහත්තයටයි ප්‍රේමදාස මහත්තයටයි සිද්ද උනාලු සමුළුවකට යන්න එංගලන්තේ...වෙන කොහෙවත් නෙමේ, බැකින්ග්හම් මාලිගයට.. හැම රටකම වගේ නායකයෝ මේකෙට සහභාගී වෙනවලු... හැබැයි මේ එන හැමෝටම තමන්ගේ රටෙන් දේශීය මොනා හරි අරන් එන්න කියල මහා රැජින කලින්ම කියලලු තිබ්බේ..
ඉතින් ප්‍රේමදාස කිව්වලු අපි කටු අනෝද ගෙඩියක් අරන් යමු කියල... ජේ. ආර්. කිව්වලු නෑ අපි දොඩම් ගෙඩියක් අරගෙන යමු කියල... කොහොමහරි ජනාධිපති ජේ.ආර්. නේ...ඉතින් ඕන දෙයක් කියල ප්‍රේමදාසත් හා කිව්වලු....
දැන් දෙන්නම ගියාලු සමුළුවට..දැන් ඉතින් එක එක රටවල නායකයෝ පෙන්නනවලු තමන්ගේ රටේ දේවල්... ජේ. ආර්. ගේ වාරේ අව ගමන් පෙන්නුවලු දොඩම් ගෙඩිය... එක දැකපු මහා රැජිනට මල පැනල කිව්වලු "ඕක තියල ඉඳ ගනින්" කියල...
ශේප් එකේ ඉදගත්තු ජේ. ආර්. ප්‍රේමදාසගේ කනට කොදුරලා කියනවලු....."ප්‍රේමේ, කොහොමද කටු අනෝදා ගෙඩිය ගෙනවානම්" කියල...හිහ් හිහ හිහ්..... 

No comments:

Post a Comment