Tuesday, April 9, 2013

ඔන්න කසාද බැන්ද ජොවක් වෙනදා වගේම එදත් මොකක්දෝ ප්‍රශ්ණෙක පැටලිලා රන්ඩු වුණා මෙදා පොටේ නම් බේර ගන්න බැරි තරමටම රණ්ඩුව දුරදිග ගියා. අන්තිමටම දෙන්නට දෙන්නා කියා ගත්තා මොනම හේතුවක් නිසාවත් ආයෙත් නම් කතා කරන්නේ නැ කියලා.

එයට ටික වේලාවකට පස්සෙයි මහත්තයට මතක් වුණේ ඊළඟ දා උදේ පාන්දර ෆ්ලයිට් එකෙන් ව්‍යාපාරික කටයුත්තකට විදේශ ගත වෙන්න ඔනේ කියලා. යටත් වීමට අකමැති වුන නිසාම ඹහු තුණ්ඩු කෑල්ලක මෙහෙම ලිව්වා “හෙට උදේ පහට මාව ඇහැරවන්න.” මෙය බිරිඳ නිතරම බලන තැනක තැබූ ඔහු නින්දට ගියා.

අපොයි. ඊළඟ දා ඔහු ඇහැරෙන කොට උදේ නවයත් පහු වෙලා. ඔහුගේ මේසය උඩ තුණ්ඩු කෑල්ලක් දැක ඔහු එය අතට ගත්තා.

‘පහයි වෙලාව නැගිටින්න‘

No comments:

Post a Comment