Wednesday, April 10, 2013

ගිරවා සහ බිස්නස්මන්

ගිරවා සහ බිස්නස්මන්

දවසක්ද බිස්නස් කාරයෙක් ප්ලේන් එකේ ගමනක් යන්න ඉඳගත්ත. අල්ලපු සීට් එකේ හිටියේ ගිරවෙක්.
ටිකක් වෙලා යනකොට ගිරවා කෑගහල කියනවා ’ මට විස්කි එකක් ගේනවා ’ කියල. මේක දැකපු බිස්නස් කාරයත් කියනවා ’ මටත් විස්කි එකක් ඕන ’ කියල.

විනාඩි කීපයක් යද්දී ගිරවට මල පැන්න පරක්කු හින්ද.

‘මොන මගුලක්ද ඕයි තමුසෙලාගේ ස’විස් එක ? ඕක ඉක්මනට ගේනවා. ‘

මේක අහපු බිස්නස් කාරයත් හිතුව පොර වෙන්න. ගිරවට එහෙම පුලුවන්නම් මට කොහොම බැරිද කියල මිනිහ කෑ ගහනවා ’ මොන ——ක්ද යකෝ , කෝ මගේ විස්කි එක ?’
කියල.

ප්ලේන් එකේ කොල්ලෙකුට මල පැන්න මේක අහල. ඌ මොකද කරේ ප්ලෙන් එකේ හැච් එක ඇරලා ගිරවයි මිනිහයි දෙන්නම තල්ලුකරා එලියට.

බිමට වැටෙන ගමන් ගිරවා කියනවා පන බයේ සරමේ චූ ගිහින් ඉන්න බිස්නස් කාරයට , ’ උඹ නම් එල කොල්ලෙක් මචන්. පිහාටු නැති එකෙක් ප්ලේන් එකේ ඔහොම සද්දයක් දානවා දැක්කමයි. ‘

No comments:

Post a Comment