Tuesday, April 9, 2013

මේකනම් හැමෝටම සමානව රස විඳින්න බැරිවෙයි. ඉතාලිය ගැන දන්න අපේ මිත්‍රයො නම දන්නවා ඉතාලි කාරයින්ට අත් දෙක නැතුව කතා කරන්න බෑ කියලා.

හුටා.. හොම්මන් වෙන්න කළින් නොදන්න අයට කියන්නම්. ඉතාලි ජාතිකයින් කතා කරනකොට ඊට අනුරූප ඇක්ශන් දානවා අත් වලින්. සමහරවිට ඇක්ශන් එක විතරයි. ඒක දැක්කෙ නැතිනම්, දන්නෙ නැතිනම් මල මගුලක් වෙන්නෙ. උදාහරණයක් විදියට ඉතාලි කාරයෙක් (එහෙ ඉඳලා ආපි අපේ එකෙක් වුනත්) නිකටට යටින් පිටිඅල්ල ගෑවෙන නොගෑවෙන ගානට තියලා ඉස්සරහට පස්සට වැනුවොත් ඉතින් ආයෙ මිනිහා එක්ක කතා කරන්න යන්නෙ නෑ. කලොත් ඉතිං ලැජ්ජ නැතිකම.

මේක වෙලා තියෙන්නෙ ටෙලිෆෝන් හොයා ගත්ත කාලේ. එතකොට ඇමරිකාවෙ විතරයි ටෙලිෆෝන් තියෙන්නෙ. ඉතින් ඇමරිකාවට ගිහින් ආපු ඉතාලි පුතෙක් තත්තාට විස්තර කියනවලු.

"තාත්තේ එහෙ තියෙනවා ටෙලිෆෝන් කියලා එකක්. වෙන තැනක ඉන්න කෙනෙකුට වුනත් කතා කරන්න පුලුවං. කෝන් එකක් වගේ එකක් තියෙනවා. ඒක කණට තියලා අල්ලගෙන අනිත් අතිං තියෙනවා අන්ඩක් කරකවන්න. කරකවන ගමන් කතා කරන්න පුලුවන්"

තාත්තා ඇහුවලු
"මම්මා මීයා. අත් දෙකෙම නැතුව කතා කරන්නෙ කොහොමද?"

No comments:

Post a Comment