Tuesday, April 9, 2013

ලොරියක ක්ලීනර් කෙනෙක් ((සහායක ) හැමදාම කොළඹ එන්නෙ ඩ්‍රයිවර් එක්කලු. ඉතිං දවල්ට කන්නෙ පොඩි කඩ වලින්නෙ. එක දවසක් ආවලු අයිතිකාරය එක්ක. ඇවිත් බඩු ටික බාල කන්න ගියේ ලොකු හොටෙල් එකකටලු. ඉතිං මුදලාලි නියමෙට කෑම ටික ඕඩර් කලාලු. කෑම කාල මේසෙ උඩ තිබුනු ටූත් පික් එකක් අරගෙන අතින් වහගෙන් දත් සුද්ද කරනකොට ගෝලයත් ගත්තලු එක ටූත් පික් එකක්. අරගෙන කටවහගෙන අතින් මුදලාලි කරන දේම කලාලු. බිල ගෙවල් ලොරියට නැගල මුදලාලි ඇහුවලු කොහොමද කොල්ලො කෑම් ටික කියල... 
කෑම ටික නම් පංකාදු පහයි මුදලාලි මහත්ත්යො අර අන්තිමට කාපු කෝටු කෑල්ල නම් මෙලෝ රහක් නෑ කිවුවලු...

No comments:

Post a Comment