Tuesday, April 9, 2013

මේක ඉතින් පොසොන්කාලෙ වෙච්ච දෙයක්. අපි ඉතින් පොසොන් එකට මිහින්තල එහෙම හදනවනේ. මේකත් ඉතින් එහෙම හදපු මිහින්තලයක් ගැන කතාවක්.

මේකෙ කථානායකය මරදාන පැත්තෙ හිටිය මුස්ලිම් මදලාලි කෙනෙක්. මිනිහ මුස්ලිම් වුනාට මිනිහගෙ කස්ටමර්ල එක්කොම වගේ බෞද්ධ. ඉතින් පොසොන් කාලෙදි මිනිහගෙ කස්ටමර්ල ඔක්කොම පොසොන් එකට ලෑස්ති වෙනව. මිනිහත් හිතුව මමත් පොසොන් එකට මොනවහරි කරන්න ඕන කියල. මිනිහ වටේ පිටේ මිනිස්සුන්ගෙන් ඇහුව මොනවගේ දෙයක්ද කරන්න හොඳ කියල මිනිස්සු කිව්ව මිහින් තලයක් හදන්න කියල. ඉතින් මිනිහත් වැඩ පටන් අරගෙන මිහින් තලයක් හැදුව ඊට පස්සෙ මිහිඳු හාමුදුරුවොයි අනිත් කට්ටියගෙයි රූප ටිකත් හදවල ස්පීකර් ලයිට් එහෙම දාල වැඩේ හොඳටම කරන්න ලෑස්ති වුනා. හැබැයි දැන් මිහින්තලාව හැදුවට ඕකෙ කතාව කියන්න මේ යකා දන්නෙ නෑනෙ ඉතින් මිනිහ හොයල හොයල අල්ලගත්ත කොල්ලෙක්ව. කොල්ලගෙ නම තිස්ස. පොසොන් දවසත් ආව 6.00 තමයි මේක විවෘත කරන්න තිබ්බෙ. දැන් ඉතින් කට්ටිය ඔක්කොම වට වෙලා මොකද මේක පලාතෙම තිබ්බ ලොකුම මිහින්තලේ. හොඳට සරසල එහෙම තියෙනව. 6.00 වුනා මහින්දා ගමනය කියන මිනිහ පේන්න නැහැ අපේ මුදලාලිත් බලාගෙන ඉන්නව. 6.30 ම්හු තාමත් නැහැ. 6.45ත් වුනා මේ යකා එනපාටක් නැහැ ඉතින් අපේ මුදලාලියත් දන්න හැටියට මහින්දාගමනය කියන්න ගත්ත.
දැන් ඉතින් මුදලාලි කියනව

“එදා පොෂොන් පෝය දවෂ තිෂ්ෂ රජතුමා දඩයමේ යන්න ලෑෂ්තියි.”
“දැන් රජතුමා දැක්ක මුවෙක්. ලෂ්ෂන මුවා. මුවා දැක්ක රජතුමාව.”
“දැන් මුවා දුවනව රජතුමත් දුවනව මුවා නවතින්නෙම නැහැ දුවනව තිෂ්ෂත් පස්සෙන්ම යදුවනව. “
“එතකොට රජතුමා දකිනව ගල උඩ ෂාදු ඉන්නව.”

මේ වෙලාවෙ අපේ මහින්දා ගමනය කියන්න එන්න කියපු තිස්ස ඈත එනව. මුදලාලි බැළුව ඔරලෝසුව වෙලාව 7.00. අපේ මුදලාලිට හෙන කේන්තියි. මිනිහ ආපහු කතාව කියන්න ගත්ත.

“ෂාදු තිස්සව දැක්ක. ෂාදු තිෂ්ෂගෙන් අහනව. යකෝ තිෂ්ෂ මම තොට එන්න කිව්වෙ 6.00 නේද? දැන් වෙලාව 7.00 තෝ 6.00 ඉඳල 7.00 වෙනකම් තෙගේ අම්මට හි**ද කියල”

No comments:

Post a Comment