Tuesday, April 9, 2013

අපේ යාළුවෙක් හිටියා මිනිහ කට ඇරියොත් කියන්නේ බොරුවක් නම ජයසිංහ අපි පස්සේ මූට බොරු ජයා කියල නම දාගත්ත... කියන්නෙම බොරු හින්ද. මුගේ තව දෙයක් තිබුන නිතරම මොනව හරි කියන කොට (වැඩිපුර, ගොඩක්, හුඟක් ) කියන අදහස කියන්න මූ බාවිතා කලේ ලොරියකට කියන වචනේ...

මේ උගේ බහුලව බාවිතා කරන වචන වලින් ටිකක්...

"අද යාලුවෙක්ගෙ ගෙදර ගිහින් කෑවා මචන් ලොරියකට..."

"මට ලොරියකට වැඩ තියෙනවා බන් ඉක්මනට යන්න ඕනි..."

අද එද්දී එකෙක් මට පාරේදී ගේමක් ඉල්ලලා ගැහුවා ඌට ලොරියකට"

දවසක් මූ මොකක්ද වැඩකට වරායට ගිහින් ඇවිල්ල අපට කිවුවා මෙහෙම කතාවක්.

"අම්මට හුඩු මචන් මම අද වරායට ගියා වරායේ නැවු තිබුන මචන් ලොරියකට.."

No comments:

Post a Comment