Wednesday, April 10, 2013

ඉස්සර ගමනාගමන පහසුකම් අඩු කාලේ ගම් නියම්ගම් වල ඇවිදල බඩු විකුණන මුස්ලිම් වෙළෙන්දෙක් දවසේ වෙළදාම් කටයුතු කරල රාත්‍රියට නවතින්න තැනක් හොයනව ගමේ ගෙවල් වලට කථා කරමින්....

එක ගෙදරකට ගිය වෙළෙන්දා.... "මාත්තියා... මෙහෙ අද රෑට නිදාගන්න පුළුවන්ද මට...?"

ගෙදර අය උත්තර දෙනව... "අපෝ බෑ මුදලාලි මෙහෙ ලමිස්සියෝ ඉන්නව.. වෙන තැනක බලන්න" කියල...

දෙවන ගෙදරට ගිය මුදලාලී කලින් ප්‍රශ්ණයම ඇහුව..
පිළිතුර ලැබුනෙ කලින් එක විදියෙන්මයි... "අපෝ බෑ උන්නැහෙ මෙහෙ ලොකු මහත් වුන ලමිස්සියො ඉන්නව" කියල...

මුදලාලි මූන ඇදකරගෙන යනව තුන්වෙනි ගෙදරට..

ඒ ගෙදරට ගිය ගමන් කෙලින්ම අහනව "මාත්තියො මෙහෙ ළමිස්සියෝ ඉන්නවද" කියල...

ගෙදර අය පුදුමයෙන් අහනව අර මොකටද මුදලාලි කියල... මුදලාලි ඇඟට පතට නොදැනී කියනව...

"නෑ.... මේ අද රෑට නිදාගන්න... "

No comments:

Post a Comment