Tuesday, April 9, 2013

ඔන්න ඉස්සර කාලෙ සුද්දෙක් අස්සයා පිටේ යද්දී ගොන් කරත්තයක් යට නිදා සිටි මිනිසෙකු දැක.. 
ඒයි මිනිහො.. වෙලාව කීයද? කියා ඇසුවාලු..
තම කරත්තයට බැඳ සිටි එළදෙනගේ බුරුල්ලට තට්ටුවක් දැමූ එම මිනිසා 6.30යි මහත්තයෝ.. කියා කීවාලු. සුද්දාට පුදුම හිතුණත්.. මේක මුංගෙ ක්‍රමයක් වෙන්ට ඇති කියලා හිතලා යන්ට ගියාලු. ඔන්න චුට්ටක් දුරක් යනකොට ඔරලෝසු කණුවක් හම්බ වෙලා වෙලා වෙලාව බලනකොට.. අර මිනිහා කියපු වෙලාව හරියටම හරි කියලා තේරුණු සුද්දා ආපසු අසු හරවාගෙන ගොස්.. ඒයි මිනිහො.. දැං වෙලාව කීයද? කියා ඇසුවාලු.. ආයෙමත් සැරයක් එළදෙනගේ බුරුල්ලට ගැසූ මිනිහා 6.45යි කියා කීවේලු.. මේ මිනිහාගේ අරුම පුදුම හැකියාව ගැන පැහැදුනු සුද්දා.. ලොකු උන්නැහේ තමුසෙ මාර මිනිහෙක්නේ.. කොහොමද ඔහොම ටක්කෙටම වෙලාව කියන්නේ කියා ඇසුවේලු.. 

මහ දෙයක් නෑ මහත්තයෝ.. මේකිගෙ බුරුල්ල පොඩ්ඩක් එහාට කරලා.. අර පේන ඔරලෝසු කණුවෙන් බලාගෙන තමයි මං වෙලාව කිවුවේ කියලා අපේ ලොකු උන්නැහේ කිව්වලු

No comments:

Post a Comment