Tuesday, April 9, 2013

සිහින් ලංකා ආයතනයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයෙ වත්තල ගුවන් තො‍ටුපලින් කසකස්තානෙ බීජිං නුවර බලා ගමන් ආරම්බ කළා..

ඔන්න කුරුල්ලො සැට් එකක් හැප්පිලා එක එන්ජිමක් ඩව්න් වුණාලු.
විශේෂ නිවේදනයයි කුරුල්ලන් සැට් එකක් ගුවන් යානයේ එන්ජිමේ ගැටීම නිසා යානය විනාඩි 30ක් ගමනාන්තයට ලංවීම ප්‍රමාද වන බව මගීන් කරුණාවෙන් සලකන්න..අපිට තව එන්ජින් 3ක් තියනව මගීන් කලබල කිරීම උද්ගෝශන උපවාස හර්තාල් කිරීම නොකරසිටින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, (ලංකාවෙන් යන ගුවන් යානයක් නිසා)

ඔන්න තව ටිකක් දුර යද්දි බාල තෙල් වගයක් ගහපු නිසා තව අන්ජිමක් නැවතුනාලු..
විශේෂ නිවේදනයයි හදිසි කාර්මික දෝශයක් (තෙල් කතාව කියන්න බෑනෙ) නිසා යානය විනාඩි 30ක් ගමනාන්තයට ලංවීම ප්‍රමාද වන බව මගීන් කරුණාවෙන් සලකන්න..

ඔන්න දැන් තව ටිකක් දුර යද්දි අනෙක් එන්ජින් එකේ කැලි වගයක් හඳට කිරුළ ප්‍රදර්ශනේට ගෙනිහින් ආපහු ගේන්න අමතක වෙලා. ඒකත් අව්ල් ගියාලු.

විශේෂ නිවේදනයයි අපේ තුන් වැනි එන්ජිමත් කාර්මික දෝශයකට ලක් වුණා. අපි ගමනාන්තයට ලඟා වෙද්දි තව විනාඩි 30ක් ප්‍රමාද වෙනව මගීන් කලබල වෙන්න එපා තව එන්ජිමක් තියනව.

අපේ උන් මොන කලබලයක්ද උන් කෙල්ලොන්ට හේත්තු දාගෙන වෙන ප්ලේන් වල යන කෑලි ටෝල්ක් කර කර, ටිකක් බුදියගෙන හෙන ආතල් එකේ ගමන යනව.
මේ අස්සෙ හිටිය අපේ ඇමතියෙක්. මිනිහයි පව්ලයි කසකස්තානෙ බීජිං නුවර උදේ අට වෙද්දි ඉන්න ඕන මෙහේ හෙන සංවර්ධන වැඩ පිලිවෙලකට එහෙන් ආධාර ගන්න ‍රැස්වීමකට.

මැන්ස්ට දැඩි මළ..

මිනිහ නැගිට්ට

"මේ අයිසෙ ඉක්මන්ට යමු. දැං ඔය ඉතුරු වෙලා තියන මලදානෙත් කැඩුනොත් එහෙම මුළු රෑම උඩට වෙලා ඉන්න වෙන්නෙ"

No comments:

Post a Comment