නොකල වරදකට සිර ගත වූ පුතුට දිනක් තම පියාගෙන් ලිපියක් ලැබින.
“දයාබර පුතේ.උඹට කොහොමද?අපි නං මේ දවස් වල බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.උඹලයෙ අම්මටත් හොඳටෝම අසනීපයි.අතේ සතේ නෑ. අපේ අර මහ ඉඩමෙ මේ පාර අල වවන්න හිටියෙ.ඒත් මෙදා පොටේ උඹ නැතුව ඒක කොරගන්නත් විදිහක් නෑ.මට දැන් හයිය හත්තිය මදි.ඉස්සර ඔය මුළු ඉඩමම කොටන්ඩ උඹට දවසක් වත් ගියෙ නෑ නෙව.උඹේ යාළුවෙකුටවත් කියපන් පුතේ අපිට උදව්වක් කරන්ඩ කියල.උඹ හිරේට ගිය දවසෙ ඉඳන් ගමේ එඋන් අපිට කිසිම උදව්වක් කරන්නෙ නෑ”
ඊට පසු දින පුතුගෙන් පිළිතුරු ලිපිය ලැබින.
“බුදු තාත්තේ.ඔය වත්තට අතවත් තියන්ඩ එපා.ඔකේ එක තැනක මගේ සේරම ආයුධ වලලලා තියෙන්නෙ. අත් බෝම්බ, තුවක්කු, උණ්ඩ සේරම.මම නිදහස් උනාම ඒව ගන්ඩ ඕනෙ”
තම පුතු සැබෑ දාමරිකයෙකු බව දැන ගත් පියා දැඩි ශෝකයෙන් පෙලෙන්නට විය
එදින රාත්‍රියේ පොලීසිය නිවසට පැමිණ තර්ජනය කර මුලු වත්තම පෙරලා සෝදිසි කළද තුවක්කු තියා උණ්ඩයක්වත් සොයා ගැනීමට නොහැකි විය.
පසු දින පියා සිදු වු දේ කියා පුතුට ලිපියක් යැව්වේය.එයට ලැබුනු පිළිතුරු ලිපියේ මෙසේ විය
“තාත්තෙ මට පුලුවන් දේ මම කරා.අර ගෙනාවයි කියපු ටික අල ටික හිටවගන්න.මම නිර්දෝශයි.
මීට ආදරණීය පුතා”
No comments:
Post a Comment