Tuesday, April 9, 2013

අපේ පොරක් දවසක් ඉංගිරිස්සි චිත්‍රපටියක් බලන්න ගිහිල්ල හෝල් එකේ... මේකා මේක බලල ඇවිල්ල කියවනවා ඉවරයක් නෑ මාර ගතිලු මාර ෆයිට් ටිකක්ලු තිබුනේ... මුගේ වර්ණනාව හින්දම මාත් නෙට් එකෙන් බාගෙන හරි බලන්න ඕනි කියල හිතාගෙන මුගෙන් නම ඇහුව... මූ කිවුවා නම නම් හරියට මතක නෑ කියල.

ඊට පස්සේ මම ඇහුවා ඒ චිත්‍රපටියෙ නම දැම්මේ අන්තිමටද කියල.. මූ කිවුවා ඔවු ඔවු අන්තිමට තමා දැම්මේ කියල. ඊට පස්සේ මම ඇහුව නම "THE END" ද කියල. මූ කිවුවනේ හරියට හරි ඒක තමා නම ?? උඹ කොහොමද දන්නේ කියල මම ඉතින් උගේ හිත හදන්නත් එක්ක කිවුවා මම ඕකේ COMING කෑලි tv එකේ දැකල තියෙනවා කියල... :P

No comments:

Post a Comment