Tuesday, April 9, 2013

මං ඉස්සර රස්සාවක් නැතිව චාටර් වෙවී ඉන්න කාලෙ.. මං දවස ගානෙ බැංකුවට ගිහිං රුපියල් 5000, රුපියල් 10,000 වගේ දාන්න පටං ගත්තා.. ඒ දවස් වල බැංකුවෙ හිටපු මහත්තයා, සුරංගත් මගෙත් එක්ක ෆිට් වුණා.. දවසක් සුරංග මගෙන් අහනවා.. කොහෙන්ද දවස ගානෙම ඔයාට මෙච්චර සල්ලි හම්බ වෙන්නෙ.. මොකක්ද ඔයාගෙ බිස්නස් එක කියලා.. මං කිවුවා.. ඔය ඔට්ටුවක් දෙකක් දාන එක තමයි.. කියලා.. සුරංග ටිකක් අමුතු විදිහට මගෙ දිහා බලලා.. ඔයා හැමදාම ඔට්ටු දිනන්නේ කොහොමද? කියලා ඇහුවා.. හරි.. අපි දාමුද ඔට්ටුවක්..? මං එහෙම ඇහුවාම සුරංග පොඩ්ඩක් බයවෙලා වගේ.. මොකක්ද ඔට්ටුව කියලා ඇහුවා..

දැනට ඔයාගෙ පස්ස පැත්තෙ (සභ්‍ය බසින් කියනවනම් පුකේ) ලප එහෙම මුකුත් නෑ නේද? කියලා මං ඇහුවා.. පිස්සුද ? සුරංග කිවුවේ ලැජ්ජාවෙන්..
එහෙනම් ඔට්ටුව මේකයි. ලබන සිකුරාදා දවල් 11 වෙනකොට ඔයාගේ පස්ස පැත්තේ කළු ලප 4ක් තියෙනවා.. තිබුණොත් මට 5000යි.. නොතිබුණොත් සුරංගට 5000යි.. කැමතිද? 
පොඩ්ඩක් ඉන්ඩ කියපු සුරංග.. එයාගෙ රෙස්ට් රූම් එකට රිංගලා.. (මං හිතන්නෙ පස්ස චෙක් කරලා බලන්න ඇති) ටික වෙලාවකින් ඇවිත්.. වැඩේට හා කිවුවා..

ඔන්න ඉතිං සිකුරාදා මං යාළුවෙකුත් එක්ක දවල් 11 වෙද්දි සුරංගගේ බැංකුවට ගියා.. ගිහිං සුරංගට කිවුවා.. ඔන්න සාක්ෂි කාරයෙකුත් එක්කගෙන ආවා අපි ගිහිං බලමු කියලා.. ඊට පස්සෙ ගිහිං බලනකොට ඇත්තටම සුරංගගේ පස්ස පැත්තේ එහෙම ලප තිබුණේ නෑ.. මං සුරංගට ලං වෙලා කිවුවා.. ඔයා ඔට්ටුව දිනුම් මට විනාඩි 5ක් දෙන්න.. එළියට ගිහිං සල්ලි ගෙනත් දෙන්නම් කියලා..

එළියට ගිහිං ඇවිත් සුරංගට හිමි රුපියල් 5000 දීලා..තව 5000ක් දුන්නා මේක මගේ පොතේ දාන්න කියලා.. සුරංග අහනවා ඒ අස්සෙ ඔයා ඔට්ටුවක් දැම්මද කියලා.. මං හිනාවෙලා ෂේප් වුණා..

ඔයාලා දන්නවද.. මං ඒ සල්ලි හෙවුවෙ කොහොමද කියලා..? මං අර සාක්ෂිකාරයට ගෙනාව කෙනත් එක්ක පොඩි ඔට්ටුවක් දැම්මා රුපියල් 10000 ක. බැංකුවට ගිය ගමන් බැංකුවෙ මහත්තයා එයාගෙ කාමරේට එක්ක ගිහින් කලිසම ගලවලා පස්ස පෙන්වනවා කියලා..
මේක සුරංග තාම දන්නෙ නෑ.. කියන්න එහෙම එපා හොඳේ..

No comments:

Post a Comment