Tuesday, April 9, 2013

ඔන්න අලුත බැඳපු ජෝඩුවක කොල්ලට බැඳපු ගමන් රට යන්න උනාලු, හනිමූන් එකට විතරයි වැඩ අල්ලන්න පුලුවන් වෙලා තියෙන්නෙ, කොල්ල රට ගියාට පස්සෙ කෙල්ලට හරි පාලුයිලු, ඉතින් කොහොමහරි කෙල්ලට පිට ඔට්ටුවක් සෙට් වෙලා මිනිහ ගෙදර එන්න පටන්ගත්තලු, කෙල්ල වැරදි වැඩේ කලත් අවන්කව කරන්න හිතාගෙන මිනිහ ගෙදර එන හැම පාරකටම මුං ඇට එක ගානෙ අල්මාරියෙ ලාච්චුවට දාන්න තීරනය කලා,
කොහොමහරි කාලය ගතවෙලා කොල්ල ගෙදර ආවලු, මේ අවන්ක කෙල්ල මහත්තයට ඇත්ත විස්තරේ කිව්වලු, "ඔයා රට ගියාට පස්සෙ මට තනියම ඉන්න බරිඋනා, මට කෙනෙක් හම්බ උනා, මම එයත් එක්ක හිටිය, එයා මගෙ ලඟට එන හැම සැරයක් ගානෙම මම මුං ඇට එක ගානෙ අල්මාරියෙ ලාච්චුවට දැම්ම" කියල, කොල්ල තමන්ගෙ නෝනගෙ අවන්ක කමගැන සතුටු වෙනගමන් ලාච්චුව ඇරල බැලුවලු, මුංඇට දෙකයි රුපියල් සීයකුයි විතරය් ලාච්චුවෙ තිබුනෙ, දැකපු දෙයින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය කොල්ල නෝනගෙන් අහනව "මුං ඇට දෙකයිනෙ පැටියො තියෙන්න, කමක්නෑ ඔයා මට ඇත්ත කිව්වනෙ, මේ රුපියල් සීය කොහෙන්ද?" කියල, එතකොට කෙල්ල කිව්වලු, "ආ, මට ඔයාට කියන්න අමතක උනානෙ, මම පෙරෙයිද මුංඇට කිලො එක 50 ගානෙ කිලෝ දෙකක් විකුනුව" කිව්වලු,

No comments:

Post a Comment