Tuesday, April 9, 2013

මේ සිද්දිය සත්‍ය සිද්දියක් සිරසේ වුන...


දැනට වසර දොලහකට පෙර උදෑසන විකාශනය වුන පහන් දොර වැඩසටහන ( දැන් මේක යන්නේ නැහැ) සදහා එදින ආරාධනා ලැබ පැමින තිබුන කලා කරුවා ප්‍රියනාත් රත්නායක (ගායක ) මහතා.. ගායකයා පැමින තිබුනේ තමන්ගේ බිරිදවත් රැගෙනයි..

දැන් ඕන් සිරසේ නිවේදිකාව හොදට හඩ ලස්සනට පාලනය කරමින් ඔලුව දෙපසට තාලයට වනමින් මේන් මෙහෙම කියලා වැඩ සටහනට පූර්ව කතනයක් දුන්නා..
"ඔව් ප්‍රේක්ෂකයිනි, අද අපේ මැදිරියට පැමින තිබෙන්නේ මුළු රටම හදුනන කලා කරුවෙකුගේ ආදරනීය ලොකුම පුතයි... ඒ අපේ වික්ටර් රත්නායකයන්ගේ පුත් රුවනයි"....
අපොයි නිවේදිකාවට කතාව ඉවර කරගන්නවත් බැරිවුනා, ප්‍රියනාත් ගේ බිරිද එකපාරටම කඩා පැන්නා... " නැහැ නැහැ ඒ මෙයා නොවේ , ඔයාට එයයි මෙයයි වැරදිලා.."
පවු අප්පා නිවේදිකාව තක්බීර් වෙලා බලා ඉන්නවා.. ප්‍රියනාත් අහක බලන් හිනාවෙනවා...
වැඩසටහන එකතැන හිරවෙලා.. ඉක්මනින්ම සිරසින් ඒ මොහොතෙම වෙළද දැන්වීම් වගයක් දමන්න පටන් ගත්තා..

ඊට ටික මොහොතකින් වැඩ සටහන යලිත් ආරම්බ කලාම ඒ නිවේදිකාවම මුකුළු හිනාවක් එහෙම දාලා කියනවා " ඔව් ඒ වගේ වැරදීම් සිදුවෙනවා, ඒක සාමාන්‍ය දෙයක් කියලා"....
ඒත් වැඩ සටහනක් කරන්න කලින් එයට පෙර දවසේ හෙට දිනයේ පැමිනෙන කලාකරුවා ගැන නිවේදිකාව පූර්ව අධ්‍යයනයක් කල යුතුමයි.. එවිටයි වැඩ සටහන සාර්ථක කරගන යන්න පුලුවන්... අපිට සිරස එදා පෙන්වලා දුන්නා සිරසට සිරසක් නැති බව හොදටම...

(මේක මෙතන යන විහිලුත් එක්ක ගැලපීමක් නැති වුනත් , මේ ශ්‍රි ලංකාවේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවකින් අපට පෙන්වු සජීවි විකට වැඩසටහනක්... එදායින් එදා අර නිවේදිකාව අද වනතුරු සිරසේ කිසිම වැඩසටහනක තවමත් මම දැකලා නැහැ)

No comments:

Post a Comment