Wednesday, April 10, 2013

තාත්තාට අන්තිමයි

ඔන්න දවසක් පවුලක තාත්තා ආන්ත්‍රා වුනාලු. තාත්තා සැහෙන්න වයස ගිහින් තමයි මැරුණේ. මේ පවුලේ ලොකු පුතා ඉන්නේ ගමෙන් ටිකක් දුර බැහැර. එයා තාත්තට ගොඩක් ආදරෙයි. හැබැයි මේ පුතාට ප්‍රෙෂර් තියෙනවා. (අර අධි රුධිර පීඩනය කියන්නේ) ඒ හින්ද අම්ම පොඩි පුතාට කතා කරලා "අයියට ටෙලිග්‍රෑම් එකක් ගහන්න. හැබැයි තාත්තා නැති වුණා කියන්නනම් එපා" කිව්වලු.

ඉතින් පුතා ටෙලිග්‍රෑම් එක ගහල ආවම අම්ම ඇහුවලු මොකක් කියලද ගැහුවේ කියල. පුතා කියනවලු "තාත්තාට අන්තිමයි. වහාම එන්න. අවසන් කටයුතු අනිද්දා" කියල.

No comments:

Post a Comment