Tuesday, April 9, 2013

බොහොම අමාරුවෙන් මනමාලිව බලන්ඩ කැමති කරගෙන මනාලය, අම්ම,
තාත්ත, අරගෙන කපුවා මනාලියගේ ගෙට ගොඩ වී තේ පැන් සංග්‍රහයෙන්
පසු කවියකු වූ මනාලයාගේ පියා දෙසට අත දිගු කැර උගුර පාදා

"මේ මනමාල මහතාගේ නැකත් පත"

කළබලයෙන් නැකත් පත්‍රය හෙවූ පියා නැති බව දැන කපුවාගේ කනට කැර මෙසේ කීය

"අමතක වීමකින් අද මෙහි ගෙනත් නැත"

එහා කමරයේ දොර රෙද්දට මුවාවී ඇසෙන දේට සවන් යොමා සිටි මනාලිය හඬමින් සිය
මව අමතා

"එහෙනම් අම්මෙ ඔය දීගෙන් වැඩක් නැත"

මේ පද දෙක ඇසුණු මනාලයා දකුණු අත වම් අත්ලෙන් අඹරවමින්

"ඔය මොන බොරුද මට මේවගෙ එකක් ඇත"

කීය

No comments:

Post a Comment