Tuesday, April 9, 2013

මගෙ කුකුල්ලු ටික ඉවරයි..

ඔන්න එක කුකුල් ෆාම් කාරයෙක් හිටියලු. මිනිහා ඉතිං මානවහිතවාදී ෆාම් කාරයෙක් නිසා කුකුල්ලු කූඩු නොකර වත්තෙ ඇතුලෙ යන්න ඇරලාලු තිබ්බෙ. 
ඉතිං මිනිහගෙ කුකුල්ලු හදිස්ස්යෙ අභිරහස් විදියට දවසට දෙන්නා තුන්දෙනා මැරිලා වැටෙන්න ගත්තලු. මිනිහා කල්පනා කලාලු කලාලු ඇයි මෙහෙම වෙන්නෙ කියලා. සර්පයෙක් වත් ගහලද අරහෙම මෙහෙම. 
පස්සෙ යාලුවෙකුට සිද්දිය කියනකොට ඕක අහං හිටිය පොඩි එකෙක් කිව්වලු 'අංකල් ශුවර් එකටම ඔය කන දෙයක් විස වෙලා වෙන්න ඇති කියල' කියලා.

ඉතින් මෑන් ඒක ගනං ගත්තෙ නැතුව වගේ පෙන්නුවට පහුවෙනිදා පාන්දරම නැගිටලා බලන් හිටියලු මුන් මොනවද කන්නෙ කියලා. ඔන්න එක පාරට තාප්පෙන් එහා පැත්තෙ ඉඳන් මේ පැත්තට මොනවදෝ විසි වුනාලු. තරගෙට දුවපු කුකුලන්ගෙන් එකෙක් පැනපු ගමන් ඒක ගිල්ලලු. පැයක් දෙකක් යනකොට ඌ මැරිලා වැටුනලු. 

මිනිහා ඒ ගමන ඌව කපලා බැලුවලු මොනවද කෑවෙ කියලා. බැලින්නම් ගෙඩි පිටින් කොප්පක් බඩේලු. යකා නැග්ග මිනිහා වහාම අල්ලපු ගෙදරට ගියාල මේක බේරගන්න. මොකෙක්වත් පේන්න නෑ, ගෙවල් දොරවල් වහලලු. ඇතුලෙ කවුරුහරි ඉන්නවද බලන්න මිනිහා ජනේලෙකට කිට්ටු කරලා කන තියලා බැලුවලු.

ගෙදර හිටිය අලුත බැඳපු ජෝඩුවේ සැමියා කියනවා ඇහෙනවලු ඇතුලෙන් 'අපි ප්‍රේමයේ උපරිම පල නෙලමු ඒයි.' කියලා. (ඇසුන අනික් සද්ද කතාවට අදාල වුවත් බලධරයාගෙ ඉල්ලිම පිට සටහන් නොකල බව කරුණාවෙන් සලකන්න)

තවත් මල පැන්න ෆාම් කාරයා ජනේලෙට තඩිබාලා හිටන් කියනවලු ...

'තොපි ප්‍රේමයේ පල නෙලුවට කමක් නෑ. ලෙල්ල මේ පැත්තට විසි කොරන්න එපා...!'

'මගෙ කුකුල්ලු ටික ඉවරයි...'

No comments:

Post a Comment