Tuesday, April 9, 2013

සීය කෙනෙක් ඩිස්පැන්සරියෙ බෙහෙත් දෙන නෝන ලඟට ඇවිත් කුප්පියක් දික් කරල කිව්වලු අනේ දුවේ මේ කුප්පියෙ තියෙන එක බීල පොඩ්ඩක් මට රහ කියන්නකො කියල 

ඊට පස්සෙ නෝනත් වගක් නැතිව බීල එහෙම බලල ලුනු රහයි සීයෙ කියල කිව්වලු.


හොඳට බලන්ඩ දුවේ පැනි රහක් එන්නැද්ද කියලා. සීය සැක දුරු කරගන්න අටියෙන් ආයෙමත් ඇහුවලු.

තව පාරක් උගුරක් ඇදල ඇරපු නෝන
නෑ සීයෙ පැනි රහක් එන්නෑ ලුනු රහ විතරයි එන්නෙ කියල කිව්වලු..

සැනසුම් සුසුමක් හෙලපු සීයා 
අනේ දුවේ මං හොඳටම බයෙන් හිටියෙ ඩොක්ටර් උන්නැහේ කිව්වා නෝනට කියල මගේ මුත්‍රා වල සීනි තියනවද කියල බලං එන්ටය කියලා. ඇතියන්තං දැං තමයි ඇඟට පන ආවෙ එහෙනං මට සීනි නෑ කියල කිව්වලු  

නර්ස් නෝන කටයි බඩයි අල්ලං එලියටම දිව්වලු 

No comments:

Post a Comment